ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක්

ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක්

ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක්

කර්තෘ Sagarika Chathumali

23 Nov, 2021 | 9:19 pm

COLOMBO (NEWS1ST) :   සීමා කිරීම්වලට යටත්ව  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හෙට (24) සිට  ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකි ය.

මීට අමතරව තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (කාඩ්පත) ඉදිරිපත් කළ යුතු ය.

ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතු ය.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය හෙටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]