English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
23 Nov, 2021 | 7:00 pm
COLOMBO (NEWS1ST) : කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) ලෙස නම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම හෙට (24) සන්ධ්‍යාවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කල්‍යාණි රන් පිවිසුම ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවයි.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතිය අවසන් වන්නේ, ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙනි.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මං තීරූ 4ක් වන ලෙස නිර්මාණය කර තිබේ.
කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380 ක් වන අතර පාලමේ ඉදිකිරිම් සිදු කර ඇත්තේ, පැකේජ දෙකක් යටතේයි.
එහි පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 9,896 කි.
මේ අතර ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැලණි පාලම් ව්‍යාපෘතියේ කැලණිතිස්ස වටරවුම ආශ්රිත භූමිය සහ නව කැලණි පාලමේ කෙළවරේ සිට ඔරුගොඩවත්ත මංසන්දිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරීම සඳහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර තිබේ.
මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සඳහා භූගත ස්වයංක්‍රීය ජල නළ පද්ධතියක් ද ඉදි කර ඇත.
මහාමාර්ග අමාත්‍යවරයා පැවසුවේ, කැලණි ගඟේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සඳහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සඳහා භාවිත කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර නව කැලණි පාලම විදුලි ආලෝකකරණය කර ඇති බවයි.
කල්‍යාණි රන් පිවිසුම ලෙසින් හෙට(24) ජනතා අයිතියට පත් කරන මෙම පාලමේ ඉදිකිරීම් සිදු කර ඇත්තේ, ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය යටතේයි.
06 Jul, 2022 | 10:40 AM
05 Jul, 2022 | 09:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS