by Sagarika Chathumali 22-11-2021 | 9:11 PM
COLOMBO (NEWS1ST) : කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සෞඛ්‍යා රක්ෂිත ක්‍රමවේද ජනතාව අනුගමනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ මෙහෙයුම් හෙට (23) සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ, ඒ අනුව බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගමන් කරන පුද්ගලයින් , පොදු මගී සේවා රියැදුරන් හා සේවකයින් , රථ වාහනවල ගමන්ගන්නා මගීන් ඇතුළු පොදු මහජනතාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
සෞඛ්‍ය නීති උල්ලංඝණය කරන්නට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.
කොවිඩ් 19 වෛරසය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වෙමින් පැවතිය ද මහජනතාව මුඛ ආවරණ නොපැළඳීම , දුරස්ථභාවය තබා නොගැනීම අත් නොසේදීම වැනි සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිනොපදින බවට නිරීක්ෂණය වී ඇතැයි පවසන පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසයි.