හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තියයි - ජනපති

by Staff Writer . 22-11-2021 | 2:45 PM

COLOMBO (NEWS1ST) :  හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත්, එළවළු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගාවන් සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ, පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අද ජනාධිපති කාර්යාලයේදී සියලු පාර්ශව කැඳවා සිදුකළ සාකච්ඡාවේදීයී. ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවයි.