මහජන කොංග්‍රසයේ මන්ත්‍රීන් 3කට  විනය ක්‍රියාමාර්ග

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීන් 3කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයිග

by Staff Writer . 22-11-2021 | 10:57 PM

COLOMBO (NEWS1ST) : පක්ෂයේ තීරණයට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, අලි සබ්රි රහීම් සහ මුෂාරෆ් මුදුනබීන් යන මහත්වරුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට ඊයේ දිනයේ රැස්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවයි. මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සමස්ත ලංකා මහජන කොංග්‍රසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.