by Staff Writer . 22-11-2021 | 7:01 PM
COLOMBO (NEWS1ST) : 2021 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල අද (22) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී හොඳම ගුවන් විදුලි තේමා රාවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ සිරස එෆ්. එම්. නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මහතායි.
හොඳම ගුවන් විදුලි පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය සිරස එෆ්. එම්. අධ්‍යක්ෂ - සංගීත, නිහාල් වික්‍රම එදිරිසූරිය මහතා දිනාගත්තේ ය.
2021 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී ඉරූෂාන් මෙන්ඩිස් නිෂ්පාදනය කළ සමනල සිරස වැඩසටහන, හොඳම ළමා වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍ර විය.
සිරස එෆ්. එම්. සති අන්ත සහකාර කළමනාකාරිනි ශාලිකා රණසිංහ හොඳම ගුවන් විදුලි නිවේදිකාවට හිමි කුසලතා සහතිකයකින් පිදුම් ලැබී ය.
නිව්ස්ෆස්ට්හි ජෙෆ්රි ජෙබදර්ශන් වසරේ හොඳම දෙමළ මාධ්‍ය ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගත්තේ ය.
හොඳම සාකච්ඡා වැඩසටහනට හිමි දෙමළ මාධ්‍ය සම්මානය දිනාගත්තේ ශක්ති එෆ්.එම්. හි වනිතා පරමේෂ්වරන් ය.
දෙමළ මාධ්‍ය හොඳම ගවේෂණාත්මක ගුවන් විදුලි වැඩසටහනට හිමි සම්මානය ඥානකුමාරන් ගනාදීපන් දිනාගත්තේ ය.
දෙමළ මාධ්‍ය හොඳම සන්ධ්‍යා වැඩසටහනට හිමි සම්මානය ශක්ති එෆ්. එම්. හි පාකියරාජා කීර්තනන්ට හිමිවිය.
ඊට අමතරව ශක්ති එෆ්. එම්. නාලිකාවට කුසලතා සහතික 6 ක් හිමිකර ගත්තේ ය.