රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ - ජනපති

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ - ජනපති

by Sagarika Chathumali 22-11-2021 | 5:47 PM

COLOMBO (NEWS1ST) :  හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණවල නිරත වන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නොමැති බවත් හිතට එකඟව වැඩ කරන කණ්ඩායමක සහය මෙම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය කරන බව ත් ය. මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබේ. මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව එහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන සඳහා පමණක් බව පවසා ඇති අතර ගොවීන් නිසි ලෙස දැනුවත් කර නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ද එහිදී අවධාරණය කර ඇත. ගොවීන් උද්ඝෝෂණවල නිරතවීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එලෙස ගොවීන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට අප්‍රසාදය පළ කර තිබේ. දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණූ විමසා ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ, කාබනික පොහොර බෙදාහරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි. තව ද පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇති බව ද එහිදී ප්‍රකාශ වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට

අමාත්

ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්

ය අමාත්

ය ශෂින්ද්

ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්

රධාන උපදේශක ලලිත් වීරතුංග, යන මහත්ම මහත්මීන් කෘෂිකර්ම අමාත්

යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්

රධානීන්, කාබනික පොහොර නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිට ඇත.