COLOMBO (NEWS1ST) : විදේශගතවීම සඳහා ලියවිලි සහතික කර ගැනීමට විදේශ සේවා කොන්සියුලර් කාර්යාලයට පැමිණි විශාල පිරිසකට සේවය නොලැබීම නිසා අදත් උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් චෝදනා කරන්නේ කොන්සියුලර් කාර්යාලයේ නිලධාරීන් රාජකාරිය නිසි ආකාරව ඉටු නොකිරිම නිසා තමන්ට දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවටයි.
කොන්සියුලර් කාර්යාලය ප්‍රකාශ කළේ, සීමිත අංක ප්‍රමාණයකට පමණක් සේවා ලබා දිය හැකි බවයි.
ඒ සමගම උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
සේවා ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් පළ කළ අදහස්...
''මට ඊයේ යන්න තිබුණේ, හතරට දැන් කියනවා ලබන ඉරිදා යන්න ලු. දැන් අපි මොකක්ද කරන්නේ මේකට දැන් අපි උඩට බිල්ඩිමේ ගිහිල්ලා ආපහු අපිට පෝලිමේ එන්න ලු''
''ඊයේ පෙරේදා ඉදලා මිනිස්සු එන්නේ මෙතනට , දුර පළාත්වලින් වාහන අරගෙන එන්නේ. මුලු ලංකාවම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මේ අය කියනවා මේ අයගේ සිස්ටම් අවුල් කියලා. ඒක උත්තරයක් නෙවෙයි මිනිස්සුන්ට..''
'' උදේ තුනමාර , එකා මාර , දෙකා මාර මිනිස්සු එන්නේ , මේක මේ අද ඊයේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි .මෙතන මේ රට යන්න ඉන්නෙ නැති බැරි කමට''
''දැන් ලොකු මහත්තයෙක් ඇවිල්ලා කියනවා. අපිට ඩොලර් නෑලු , අපිටත් ඔනේ අපිට යවලා ඩොලර් ගෙන්නන්න ලු .බදාදා මෙයාලගේ සිස්ටම් ඩවුන් වුනේ , බ්‍රහස්පතින්දා සිකුරාදා , සෙනසුරාදා, ඉරිදා , දවස් හතරක් තිබ්බා. මේ අයට සිස්ටම් එක හදා ගන්න ඔක හදා ගන්න බැරි වුණා. කියන්නේ මොකකද් මේ අයගේ තත්ත්වේ. 1ෙ50 කටවත් දී ගන්න බෑ තාම''
සේවය නිසි ලෙස නොලැබීම නිසා කෝපයට පත් ජනතාව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධය පළ කළේ ය.
පිරිස ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත්වීමෙනි.