ඇෆ්ගන් කතුන්ට ටෙලි නාට්‍යවල පෙනී සිටීම ත් තහනම්

ඇෆ්ගන් කාන්තාවන්ට ටෙලි නාට්‍යවල පෙනී සිටීම ත් තහනම්

by Staff Writer . 22-11-2021 | 1:20 PM

COLOMBO (NEWS1ST) : ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට ටෙලි නාට්‍යවල පෙනී සිටීම තහනම් කර තිබේ.

ඒ, නියෝග 8 ක් සහිතව තලේබාන් සංවිධානය නිකුත් කළ නව රෙගුලාසී මාලාවට අනුවයි. නව නීති මාලාවට අනුව මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන් හිස් වැසුම් පැළඳ රූපවාහිනී වැඩසටහන්වලට එක්විය යුතු වේ. ශරියා නීතියට පටහැනි චිත්‍රපට සහ සංදර්ශන ද තහනම් වනු ඇති. විවිධ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කෙරෙන විදේශ චිත්‍රපට විකාශනය ද තහනම් කර ඇත්තේ එරට රූපවාහිනී මාධ්‍ය කේෂත්‍රයට දැඩි රෙගුලාසි පනවමිනි. ගැහැනු ළමුන්ට සහ තරුණියන්ට පාසල් අධ්‍යාපනය අහිමි කළ ලොව එකම රටවන්නේ ද ඇෆ්ගනිස්ථානයයි.