
ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් ඉනිමක්: කොදෙව්වන් අසීරු අඩියක..
ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් ඉනිමක්: කොදෙව්වන් අසීරු අඩියක..
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) දෙවැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය .
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (22) දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 113කි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළේය.
ධනංජය ද සිල්වා ලකුණු 61ට දැවී ගිය අතර එය හිට් විකට් දැවී යාමක් ලෙස සටහන් විය .
නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක් රැස් කළේ 4 පහර 15ක් ද සමගිනි.
රොස්ටන් චේස් ලකුණු 83ට කඩුලු 5යි.
බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිම වෙනුවෙන් නායක ක්‍රෙයිග් බ්රත්වෙයිට් ලකුණු 41ක් රැස් කළේ ය..
රමේෂ් මෙන්ඩිස්, කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2යි.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි