by Staff Writer . 21-11-2021 | 9:41 PM
COLOMBO (NEWS1ST) : සිරිල් ගාමිණී පියතුමාට හෙට (22) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා සතුව පවතින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාක්ෂි හෙට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර සිරිල් ගාමිණී පියතුමා පසුගිය 15 සහ 16 යන දෙදිනෙහි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.
පියතුමා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් සම්මන්ත්‍රණයකදී කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි .