COLOMBO (NEWS1ST) : පොහොර තහනම ඉවත්ව යන්නේ වී වගාව හැර සෙසු භෝග සඳහා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වී වගාව සඳහා කාබනික පොහොර භාවිත කරමින් තවදුරටත් වගා කටයුතු සිදු කිරීමටත් අනෙකුත් භෝග, එළවළු පළතුරු සහ අපනයන බෝග සඳහා තුන් වැනි කාණ්ඩයේ සහ සිව්වන කාණ්ඩයේ පොහොර ගෙන්වීම සඳහා අවසරය ලබා දුන් බවත් ය.
තව ද කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා රටක් ලෙස ප්‍රවේශවීමේදී යම් දුෂ්කරතාවයක් තිබේ නම්, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''අපි යම් තීරණයක් ගන්නවා මේ අවස්ථාවේ අපට දැනටමත් ලැබිලා තියනවා. අවසරය තුන්වෙනි කාණ්ඩයේ සහ හතරවෙනි කාණ්ඩයේ අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා ''