පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් ගැන හරීන්ගෙන් හෙළිදරව්වක්

by Staff Writer . 21-11-2021 | 10:20 PM
  හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව අද (21) බදුල්ලේදී අදහස් පළ කළේ ය.
''මන් ඔබතුමන්ලාට බය නැතුව කියනවා. මේ මයික් එක නිසා මන් නම් ගම් කියන්නේ නෑ. මාව කොහොම හරි ඇතුළට දාන්න බලන් ඉන්නෙ වචනයක් මිස් වෙනකන්. මගෙන් මිස් වෙන්නේ නෑ. ලේසියෙන්, හැබැයි මන් අද කියනවා මේ ආණ්ඩුව වග කියන්න ඕන පාස්කු ප්‍රහාරයට . ඒක අපි ඔප්පු කරලා පෙන්නන එක පෙන්නනවාමයි. මම අද කියනවා. ඔය නායකයෝ එකෙක්ට රෑට නින්ද යන්නේ නෑ. නිදා ගන්න බෑ. තමන්ගේ හදවත දන්නවා. තමන් මොකක්ද කළේ කියලා .ඇයි මේ කරන කරන එක වරදින්නේ ? ඒ දිට්ටධම්මවේදනිය කර්මය''