කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද ඇරඹේ

කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ

by Staff Writer . 21-11-2021 | 8:48 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ .

දෙරට අතර පළමු තරගය අද (21) උදෑසන 10 ට ආරම්භ වීමට නියමිතය. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා ටෙස්ට් තරග 22 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 9 ක් ජය ගෙන තිබේ . බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 4 ක් පමණි. දෙරට අතර ටෙස්ට් තරග 9 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ .