නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට  අවසර…

නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට අවසර…

නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක යළි මෙරටට ගෙන්වීමට අවසර…

කර්තෘ Staff Writer .

21 Nov, 2021 | 8:45 am

COLOMBO (NEWS1ST) :  නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ.

ඒ, කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි.

ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා නිව්ස් ෆස්ට් වෙත සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ය.

ඒ, ආනයන අපනයන බලතල ප්‍රකාරව බව ද, ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]