
දිමුත්ගෙන් විශිෂ්ට ශතකයක්: ටෙස්ට් වරම් දිනූ කොදෙව් ක්‍රීඩකයා රෝහලට..
දිමුත්ගෙන් විශිෂ්ට ශතකයක්: ටෙස්ට් වරම් දිනූ කොදෙව් ක්‍රීඩකයා රෝහලට..
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(21) ගාල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගය පළමු දිනය සඳහා නතර කරන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267කි.
රන්ජන් මඩුගල්ලේ මහතා තීරකවරයෙකු ලෙස කටයුතු කරන 200 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සමග පැතුම් නිස්සංක ලකුණු 139ක සබඳතාවක් ගොඩනැගුවේය.
අද ටෙස්ට් වරම් දිනූ 26 හැවිරිදි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ, පන්දුව හිසේ වැදීමෙන් ආබාධයකට ලක් වීම නිසා රෝහල්ගත කෙරිණි.
2වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් පැතුම් නිස්සංක ලකුණු 56යි.
ඕෂධ ප්‍රනාන්දුට සහ ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.
13 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132යි.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56ක් රැස් කරගෙන සිටියේය.
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්