මන්නාරමේ නිවසක ජෙලට් නයිට් කූරු 7990 ක්

මන්නාරමේ වැටලීමකින් ජෙලට් නයිට් කූරු 7990 ක් STF භාරයට

by Staff Writer . 20-11-2021 | 10:58 PM

COLOMBO (NEWS1ST) :  මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ජෙලට් නයිට් කූරු තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම වැටලීම සිදු කර ඇත්‌තේ, නාවික හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරකට අනුවයි. මෙහිදී ජෙලට් නයිට් කූරු 7990 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 55 සහ 59 වයස්වල පසුවන ශාන්තිපුරම් හා වංකාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පොලීසිය සැක කරන්නේ අදාළ ජෙලට් නයිට් කූරු තොගය ඉන්දියාවේ සිට හොර රහසේ රැගෙන එන්නට ඇති බවටයි.