by Staff Writer . 20-11-2021 | 7:30 PM
COLOMBO (NEWS1ST) : චීන කාබනික පොහොර සාම්පල 03 වැනි පාර්ශවයකින් නැවත පරීක්ෂා කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා ශාක නිරෝධාන සේවය ප්‍රතික්ෂේප කළ බව චීන පොහොර සමාගම පවසයි.
චින්දාවෝ සීවින් බයොටෙක් ආයතනය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම සාම්පල ස්විට්සර්ලන්තයේ පිහිටි එස්.ජී.එස්. පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කිරීමට කළ ඉල්ලීම කිසිදු හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කළ බවයි.
චින්දාවෝ සීවින් බයොටෙක් සමාගම පවසන්නේ, ජර්මානු ස්කටර් ග්රූප් ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම කාබනික පොහොරවල කොලිෆෝම් බැක්ටීරියා අඩංගු නොවන බවට සහතික වී ඇති බවයි.