පහළ කඩුගන්නාව: නායයෑමේ අනතුරු ඇගවීම් සංඥා..

පහළ කඩුගන්නාවේ නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමේ තීරණයක්..

by Staff writer 20-11-2021 | 12:55 PM

COLOMBO (NEWS1ST) : නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ , නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බවයි. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.