කොළඹ තුරඟ තරග පිටියේ අවන්හල් පරිශ්‍රයක ගින්නක්

කොළඹ තුරඟ තරග පිටියේ අවන්හල් පරිශ්‍රයක පිපිරීමක් සමග ගින්නක්: ගෑස් කාන්දුවක් බවට සැකයක්

by Sagarika Chathumali 20-11-2021 | 8:38 AM

COLOMBO (NEWS1ST) :  කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හල් පරිශ්‍රයක අද අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදු වන්නට ඇති බවට දැනට සැක පළ කරන බවයි. පිපිරීමෙන් පසු ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගරසභා ගිනිනිවීම් ඒකකය සහ පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, පිපිරීම හෝ ගින්න හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ මිය යාමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි. පිපිරීමට හේතුව නිශ්චිතය තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.