by Staff writer 20-11-2021 | 3:36 PM
COLOMBO (NEWS1ST) : කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හල් පරිශ්‍රයක අද අලුයම පිපිරීමක් සමග ගින්නක් සිදුව තිබුණි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි.
කොළඹ රීඩ් මාවතේ පැරණි තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි අවහන්හලක පිපිරීමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණේ අද අලුයම 5.30 ට පමණයි.
පිපිරීමත් සමග ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ 06 ක් යොදා ගැනීමට සිදුවිය.
පිපිරීමත් සමග අවන්හලේ සුන්බුන් සහ වීදුරු කැබලි මීටර 200 ක පමණ දුරකට විසිරී තිබූ අතර අවන්හලට දැඩි අලාභ හානී සිදු තිබේ. .
බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එහි පැමිණ නිරීක්ෂණය කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ ඉන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් පිපිරීම සිදු වූ ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි රථගාලේ කුලී රථයක් පැමිණෙන තුරු රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
කෙසේ වෙතත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් අදාළ පිපිරිම සිදුව ඇති බවට කිසිඳු සාක්ෂියක් ස්ථානීය පරික්ෂාවේදී හමු නොවූ බවයි.
මේ අතර පසුගිය 04 වැනිදා වැලිගම කප්පරතොට සංචාරක නවාතැම්පළක් තුළ සිදු වූ පිපිරීමකින් ති දෙනෙක් තුවාල ලැබූහ.
පොලීසිය පැවසුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි..
මරදාන සංඝරාජ මාවතේ පිහිටි හෝටලයක ද ඇති වූ ගින්කින් පුද්ගලයෙකු මියගිය අතර පොලිසය සැක කළේ, එය ගෑස් කාන්දුවක් වන්නට ඇති බවයි.