by Sagarika Chathumali 20-11-2021 | 4:31 PM
COLOMBO (NEWS1ST): මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 22 ක් වාර්තා වී තිබේ.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,108ක් දක්වා ඉහළ යනු ඇති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 9 දෙනෙකු කාන්තා ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.
ඊට අමතරව වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (20) වාර්තා කරන ලද මෙම මරණ 22 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.