අගමැතිගේ ධන පරිත්‍යාගයෙන් පවුල් 100කට ජල පහසුකම්

අගමැතිගේ පෞ. ධන පරිත්‍යාගයෙන් අනුරාධපුරයේ පවුල් 100කට පානීය ජල පහසුකම්

by Staff Writer . 20-11-2021 | 8:30 PM

COLOMBO (NEWS1ST) :  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සඳහා පානීය ජල පහසුකම් ලබා දීම ඊයේ (19) සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනයට සහගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී ය. එහිදී නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.