FIFA සභාපති ජනපති සහ අගමැති හමුවෙයි

FIFA සභාපති ජනපති සහ අගමැති හමුවෙයි

by Staff Writer . 19-11-2021 | 9:10 PM

COLOMBO (NEWS1ST) :  අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ තුරඟ තරග පිටියේ අද පැවැත්වෙන 'අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන' පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ සහය ලබා දෙන බවත් කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංග සම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහය ලබා දෙන බවත් ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා සඳහන් කර තිබේ. ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස මෙරටට පැමිණීම පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජියානි මහතා ඇතුළු නියෝජිත පිරිසට සිය ප්‍රශංසාව පළ කර තිබේ.