COLOMBO (NEWS1ST) : රටේ තුළ ක්‍රියාත්මක අරගලය ගොවියන්ගේ පමණක් නොව බත් කන සියලු දෙනාගේ අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
- ගමෙන් පටන්ගමු - වැඩසටහනේ පොළොන්නරුව, මැදිරිගිරියේදී පැවැත්වු වැඩසටහනේදී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේ ය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, පොහොර නොමැතිවීම හමුවේ, කෙතරම් භූමි ප්‍රමාණයක වගා කළ ද බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම මත සාගතයකට මුහුණ දීමට සිදුවීම ද වැළැක්විය නොහැක්කක් බවයි.
''අක්කර අච්චර වගා කළා. මෙච්චර වගා කළා කියලා, කයිවාරු ගැහුවට වැඩක් නෑ. තව ටික දවසකින් බලාගන්න පුළුවන් සාගතය එනකොට. දැනටමත් සාගතය ඇවිල්ලා තියෙන්නේ. මේ මාස් කාන්නේ ඉවර වෙනකොට මිනිස්සුන්ට කන්න නැතුව''