පනාමුරේදී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය

පනාමුර පොලීසියේදී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරයි

by Staff Writer . 18-11-2021 | 8:10 PM

COLOMBO (NEWS1ST) :  පනාමුර පොලිස් ස්ථානය තුළ සැකකරුවකු ගෙල වැළලා ගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) ඇඹිලිපිටිය මහ රෝහලේ දී පැවැත්විය.

එහිදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර සැකකරුගේ සිරුරේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කර තිබේ. ඇඹිලිපිටිය මහ රෝහලේ ධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ මහතා විසින් මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරනු ලැබිණ. සැකකරු පනාමුරේ පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබ තිබුණේ, පෙරෙදා රාත්‍රීයේයි. ඊයේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් හා ගම්වාසීන් පනාමුරේ පොලිස් ස්ථානය ඉරිපිටට පැමිණ විරෝධය පළ කරමින් කියා සිටියේ මරණය සැක සහිත බවයි. එහිදි ඇඹිලිපිටිය පනාමුර පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.