by Staff writer 18-11-2021 | 2:09 PM
COLOMBO (News 1st) : නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද තහනම් වල් නාශක තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළ වැටලීම් දෙකකදී ය.
තහනම් වල් නාශක ග්‍රෑම් 100 බැගින්වූ පැකට් 1251 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අවුරුදු 48 හා 60 යන වයස්වල පසුවන සැකකරුවන් වංකානි හා සංකානි ප්‍රදේශවල පදිංචිකරුවන් ය.