by Staff Writer . 18-11-2021 | 10:01 PM
COLOMBO (NEWS1ST) : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කඨින මහා පිංකමට සමගාමීව පැවති ආගමික කටයුතුවලට සහභාගි විය.
කඨින චීවර පූජාව ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්විය.
කංචුක පූජාව සිදුකළේ ඉන් අනතුරුවයි.
උදෑසන දානමය පිංකමින් අනතුරුව ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී සිරි සදහම් සෙත ධර්ම දේශනා මාලාවේ 12 වන වැඩසටහනද පැවැත්විය.
අද දහම් දේශනාව සිදු කරනු ලැබුවේ, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය වැලිවිට සෝරත හිමිපාණන් විසිනි.
විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් දහවල් දානමය පිංකමද සිදුකළ අතර ජලනි ප්‍රේමදාස මහත්මිය මෙහෙයවන ෂී ව්‍යාපෘතිය යටතේ දුෂ්කර පාසල් කිහිපයකට පරිගණක බෙදාදීමක්ද සිදුකෙරිණ.
ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය සඝ සතු කොට පුජා කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්විය.
තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කඨින මහා පිංකමට සමගාමිව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද ඊයේ පැවැත්විය.