ඩෙංගු යළි හිස ඔසවයි ..

ඩෙංගු වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක්..

by Staff writer 18-11-2021 | 1:44 PM

COLOMBO (News 1st) : ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඩෙංගු වැළදීමෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව 20 කි. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා සඳහන් කළේ ය.