අමාත්‍යාංශ කිහිපයක් ගැන නව ගැසට් නිවේදනයක්..

අමාත්‍යාංශ කිහිපයක් ගැන නව ගැසට් නිවේදනයක්..

by Staff writer 18-11-2021 | 1:42 PM

COLOMBO (News 1st) : අමාත්‍යාංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව නව ගැසට් නිවේදනයෙන් සංශෝධනය කර තිබේ. මීට අමතරව විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක ආයතිනක හා නෛතික රාමුව ද නව ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබේ.