නුවර පාරේ පහළ කඩුගන්නාවෙන් එක් මංතීරුවක් විවෘතයි

කොළඹ - නුවර පාරේ පහළ කඩුගන්නාවෙන් එක් මංතීරුවක් අද සිට විවෘතයි

by Staff writer 17-11-2021 | 11:15 AM

COLOMBO (News 1st): කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ, එක් මංතීරුවක් අද දහවල් 12.00 ට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පැවති නායායමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය පසුගිය 10වැනිදා රාත්‍රි 10.00 සිට නතර කෙරිණි. ඉන් අනතුරුව සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.