by Staff Writer . 16-11-2021 | 4:38 PM
COLOMBO (NEWS1ST): 'සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව අද (16) කොළඹදී පැවැත්විණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රීවරු මෙන්ම අතිවිශාල ජනකායක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.
විරෝධතාවට සහභාගී වීම සඳහා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිට කොළඹට පැමිණි ජනතාවට පොලීසියෙන් බාධා එල්ලවූ අතර එලෙස පැමිණීමට නොහැකි වූ ජනතාව ඒ ඒ ස්ථානවල සිට විරෝධතාවය පළ කළ බව ත් අප වාර්තාකරුවෝ සඳහන් කළහ.
https://www.youtube.com/watch?v=lCbKeLZXVcQ