6,7,8,9 ශ්‍රේණීවල අධ්‍යන කටයුතු 22 සිට ඇරඹේ

සියලු පාසල්වල 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ත් 22 සිට ඇරඹේ

by Sagarika Chathumali 16-11-2021 | 2:08 PM

COLOMBO (NEWS1ST):  දිවයිනේ සියලු පාසල්වල 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 22 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ලබන 22 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ වනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,  ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. කොවිඩ් 19 තත්ත්වයත් සමග  අත්හිටවූ පාසල් අධ්‍යයන කටයුුතු අදියර 4ක් යටතේ යළි ආරම්භ කිරීමට පියවර අධ්‍යාපන බලධාරීහු පසුගිය දා තීරණය කළහ. ඒ අනුව පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි ද , දෙවන අදියර යටතේ සියලු පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි ද, තෙවන අදියර යටතේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණි ද ආරම්භ කෙරුණි. ඒ අනුව ලබන සඳුදා සිට 6,7,8,9 ශ්‍රේණි සඳහා යළි අධ්‍යන කටයුතු ආරම්භ වන්නේ, සිව්වන අදියර යටතේයි.