COLOMBO (NEWS1ST): චීන පොහොර නැව තවමත් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබේ.
පොහොර තොගය ප්‍රතික්ෂේප කරන්නේ නම් නැව තවමත් මෙරට මුහුදේ රැඳී සිටින්නේ ඇයි?
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, චීන පොහොර ගනුදෙනුව තුළ කොමිස් මත පදනම් වූ කරුණක් නොමැති බවයි.
''සාධාරණ සිතුවිල්ලක් තියනවා. අපි එල්සී ඕපන් කරලා එකක් නිසා තාක්ෂණික ගැටලු කිහිපයක් තියනවා. ඒ ගැටලු නිරාකරණය කරගන්නකම් තමයි මම විශ්වාස කරන විදිහට මේ තියෙන්නේ එහෙම නැතුව ඒක කොමිස් මත පදනම් විච්ච කාරණයක් කියලා අදහසක් තියාගන්න එපා''
මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ, අදාළ නෞකාව රට වටා යාත්‍රා කරමින් තිබීම රටේ ස්වෛරීත්වයට, ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ, තර්ජනයක් වීමට එය ආයුද නැවක් නොවන බවයි.
''ආයුද නැවක් නෙවෙයි නේ තර්ජනක් වෙන්න විදිහක් නැහැ''