COLOMBO (NEWS1ST): සමගි ජන බලවේගය හෙට (16) කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව වළක්වන්නයි, ඉල්ලා පොලීසිය අද (15) මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයකට ඉල්ලීම් ඉදිරිපත් කළේ ය.
ඉන් වැඩි ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර අධිකරණ කිහිපයකින් පොලීසිය කළ ඉල්ලීමට අවසර දුන්නේ ය.
'සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය' ලෙස හෙට පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය සූදානම් වේ.
කොවිඩ් රෝග ව්‍යප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇති බලතල අනුව නිකුත්කර ඇති නියෝගවලට පටහැනිව මේ විරෝධතාව පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස පොලීසිය අද මහේස්ත්‍රාත් අධිකරණ ගණනාවකින් ඉල්ලීම් කළේ ය.
කෙසෙල්වත්ත පොලීසිය සිය බල ප්‍රදේශයේ එවැනි විරෝධතාවක් පැවැත්වීම වළක්වන නියෝගයක් ඉල්ලා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීලීප පීරිස් මහතා සමගයි.
ජනතාව කොරෝනා වසංගතයේ බිල්ලක් බවට පත් නොකිරීමට වග බලා ගන්නා ලෙස සුදුසු නියෝගයක් ලබා දෙන්නැයි, දිලීප පීරිස් මහතා එහිදී ඉල්ලා සිටියේ ය.
උද්ඝෝෂකයින් සෞඛ්‍ය උපමාන උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම් පවතින බලතල අනුව කටයුතු කිරීමේ හැකියාව පොලිසියට ඇතැයි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පෙන්වා දුන්නේ ය.
මේ අතර වැල්ලම්පිටිය, මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් ස්ථාන අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද, බම්මබලපිටිය, නාරාහේන්පිට, කිරුළපන හා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථාන අංක 4 අධිකරණයෙන් ද කළ මෙම ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරිණ.
කොටහෙන් පොලිස් ස්ථානය කළ ඉල්ලීමට අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් හෙට යළිත් සමගි ජන බලවේගයේ නීතිඥවරුන් අධිකරණයේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
වැල්ලම්පිටිය, වැලිකඩ, මෝදර හා වරාය පොලීසි කළ ඉල්ලීමත් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ අද ප්‍රතික්ෂේප කළේ ය.
සමගි ජනබලවේගයේ නීතිඥවරුන් අධිකරණයේ මතු කළ ප්‍රධාන තර්කය වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවමත් අදාළ නියෝග නිසි පරිදි ගැසට් කර නොමැති බවයි.
මේ අතර ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා ද අද පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියේ රැස්වීමට ත්‍රස්තවාදී හෝ මොනයම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ද කරුණු වාර්තා කරමිනි.
නමුත් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතිකෂේප කළේ ය.
මේ අතර කොම්පඤ්ඤ වීදිය පොලීසිය කළ ඉල්ලීම ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ කොවිඩ් මාර්ගෝපදේශ යටතේ විරෝධා පැවැත්වීමට තහනම් කර තිබුණ ද එය ගැසට් කර නොමැති බැවින් මෙම විරෝධතාව පැවැත්වීම වැළැක්වීය නොහැකි බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාවට ජනයා රැගෙන යාම තහනම් කරන ලෙස පොලීසි හයකින් කළ ඉල්ලීම් හයක් අත්තනගල්ල අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද සවස ප්‍රතික්ෂේප කළේ ය.
නිට්ටඹුව, නාල්ල, පල්ලෙවෙල,මීරිගම දංඕවිට හා වේයන්ගොඩ යන පොලීසි එම ඉල්ලීම් කර තිබිණ.
තවත් පොලිස් ස්ථාන දෙකකින් කළ ඉල්ලීමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි. ඒ. සමරදිවාකර මහතාද අද ප්‍රතික්ෂේප කළේ ය.
මේ අතර තලංගම, හා මාලඹේ, පොලිස් ස්ථාන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද, මිරිහාන පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද විරෝධතාව වළක්වන්නැයි කළ ඉල්ලීමට අවසර ලැබී තිබේ.
පොලීසිය සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය පදනම්කර ගෙන එම වාරණ නියෝග ලබාගත් බවයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (16) විරෝධතාව පිළිබඳව අදහස් පළ කළේ ය.
මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ, පාරට බහිනවා හැර වෙන කිරීමට කිසිවක් නොමැති බවයි.
''බඩගින්න කෑ ගහලා කියන්න වෙන ක්‍රමයක් නැහැ .ඒක නිසා අපිත් එක්ක එනවා ඔක්කොම. මං හිතන්නේ මේ ගැසට් එක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ගහපු එක .එකේ තියෙන එකේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට බලය පැවරීම පමණයි .බලය පැවරුවේ මොනවටද කියලා තවම ගැසට් කරලා දීලා නැහැ.මොනවද කරන්න ඕන නැතිව කියලා. වැඩේ තියෙන්නේ. සර් බය වෙලා ''
මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''අපි අහනව ඇත්ත වශයෙන්ම දැන් කෝ කෝවිඩ් තුන්වෙනි රැල්ල එනකොට වෛද්‍ය විශේෂඥයවරු ,ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු . විශේෂඥයින් කියද්දී දවසකට 250 ක් මැරෙනකං රට ඇරන් හිටපු ගෝලයෝ තමයි අපිට කියන්නේ මේ අලුත් ගැසට් ගහලා ඒ වෙලාවේ නොගහපු ගැසට් ගහලා ,මේක කරන්න බැහැ කෝවිඩ් ව්‍යාප්ත වෙනවා කියලා.අපිට බලය ගැන කිසිම උවමනාවක් නෑ මේ වෙලාවේ .අපි බලය ගන්නෙ මැතිවරණයකින්.නමුත් ජනතාවගේ පීඩනය තරම මේ පාලකයා දැනගත යුතුයි.මේ පාලකයා ජනතාවට පීඩනය කොච්චරද කියලා අවම අවබෝධයක්වත් ලබා ගත්තොත් තමයි හෙට දවසේ අපේ ජනතාවට බඩගින්නෙ ඉන්න වෙන්නේ නෑ කියන එක ගැන යම් බලාපොරොත්තුවක් එන්නේ.ඒ නිසා මෙය උද්දච්ච ඒකාධිපති පාලනයට විරුද්ධව ජනතාව පෙලගැස්මවල් මේ විදියට යට කරන්න බැහැ .එහෙම යට කරන්න දෙන්නත් බෑ.දැන් එහෙමනම් අපි අහනව පොදුජන පෙරමුණේ සංවත්සරය තිබ්බෙ කොහොමද? එහෙනම් අද මහා මාර්ගවල යන බස් රථ වල මිනිස්සු යන්නේ කොයි විදියද? ඉන්ජෙක්ෂන් නොගහපු ළමයි ඉස්කෝලේ ට ගෙන්නන්නෙ කොහොමද? එහෙමනම් කොහොමද ආන්ඩුවේ මන්ත්‍රීවරු ගිහිල්ලා විවිධ සංවාද ගම ඇතුලේ සංවිධානය කරන්නේ ? එහෙනම් කොහොමද ජනාධීපතිතුමා ගිහිල්ලා විශාල ජනකායක් මැද්දේ කඨින පූජෝත්සව තියන්නේ. එහෙනම් කොහොමද එක්සත් ජාතික පක්ෂය ලිප්ටන් වටරවුමේ රැස්වීම් පවත්වන්නේ ? එතකොට ඒවා ඩීල්ද ?''
මේ අතර සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, අනිවාර්ය යෙන්ම හෙට දිනයේ විරෝධතාව සැලසුම් කළ පරිදි පවත්වන බවයි.
''සර් බය වෙලා.උම්මාදයට පත්වෙලා.අපි පැහැදිලිව කියනවා අපි හෙට එනවා. අනිවාර්යෙන්ම අපි යනවා .ඔබතුමා ඕනෙම විදිහකට ඔබතුමාගේ පොලිසිය , අපි දන්නවා පොලිස් නිලධාරීන්ට මෙතැනදී බැනලා හරියන් නැහැ . මොකද පොලිස් නිලධාරීන්ට දෙන උසස් නියෝග දෙන නියෝජ්‍ය පොලිස්පතිලා ගැන කිව්වේ පාර්ලිමේන්තුවේදී .ඒගොල්ලන්ට දාල තියන දේවල් ගැන අපි කිව්වේ එතුමන්ලා අවශ්‍යම දවස් වල නිවාඩු අරගෙන හෝටල් වල හිටපු හැටි ගෙන අපි කිව්වේ .ඒ නිසා ඒ වගේ ඉන්න පොලිස් උසස් නිලධාරින් ඉන්නවා අර පහල එන්න නිලධාරීන්ට බලපෑම් එල්ලකරන .අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්න පොලිසියට නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා, මතක තියාගන්න ආණ්ඩු වෙනස් වෙනවා.හැමදාමත් එකම ආණ්ඩුව තියන්නේ නෑ.ඒ නිසා ඔබතුමාලා ඔය පෙන්ෂන් යන ඉන්න උඩ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිලා පිස්සු කෙලියට යට ඉන්න පොලිස් නිලධාරීන් හරියට කටයුතු කරන්නේ කියන ආයාචනය අපි කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කණ්ඩායමත් අපි අපහසුතාවයට පත් කිරීමේ කිසිම උවමනාවක් අප තුළ නැහැ. අපි හිතනවා බය නැති ජනාධිපතිවරයෙක් කිසිවිටෙකත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රැස්වීම් වලට අකුල් හෙලන්නේ නැ''