මධ්‍යම අධිවේගයේ කොටසක් මේ මස අග ජනතා අයිතියට..

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මේ මස අග ජනතා අයිතියට..

by Staff Writer . 15-11-2021 | 10:46 AM

COLOMBO (News 1st ) - මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස මේ මස අවසන් වන විට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය .

එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.වී.එස්. වීරකෝන් මහතා සඳහන් කළේ, මාර්ගයේ මංතීරු මායිම් සලකුණු කිරිම් වැනි සුළු වැඩ කොටසක් ඉතිරිව ඇති බවය. එය අවසන් කිරීමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බව ද ඔහු සඳහන් කළේ ය. පොතුහැර සිට රඹුක්කන දක්වා අධිවේගී මාර්ග කොටසේ වැඩ කටයුතු 2024 වර්ෂයේදි අවසන් කිරීමට අපෙක්ෂා කරේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, කඩවත මීරිගම කොටසේ ඉදිකිරිම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවය.