Sirasa Super Star තුළින් රටක් හඳුනා ගත් ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන ජීවන ගමනෙන් සමුගනී..

Sirasa Super Star තුළින් රටක් හඳුනා ගත් ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන ජීවන ගමනෙන් සමුගනී..

Sirasa Super Star තුළින් රටක් හඳුනා ගත් ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන ජීවන ගමනෙන් සමුගනී..

කර්තෘ Staff writer

14 Nov, 2021 | 1:38 pm

COLOMBO (NEWS1ST): Sirasa Super Star හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද(14) උදෑසන අභාවප්‍රාත්ත විය.

කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට වයස අවුරුදු 58 කි.

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පිවිස ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සුසිරිවර්ධන මහතා කෙටි කලකින්ම ජන හදවත් දිනා ගත්තේ, ඔහුටම ආවේණික වූ ශෛලියකින් ගීත රැසක් ගායනා කරමින් ය.

”දන්නවද මම දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි” .. ආදී ගීත හරහා ඔහු සිය නාමය ලොවට ගෙන ගියේ ය.

ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.

ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]