වාහන ආනයන සීමා ඉවත් කරන්නේ කවදා ද?

වාහන ආනයන සීමා ඉවත් කරන්නේ කවදා ද?

by Staff Writer . 14-11-2021 | 11:01 PM

COLOMBO (NEWS1ST):  දැනට පවතින රථ වාහන ආනයන සීමා ඉවත් කරන්නේ කවදා ද?

වාහන ආනයනයට ඇති ඉඩකඩ සීමිත බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.
''අපි මේ ආනයන සීමා ගැන පැහැදිමකින් නෙවේ ඉන්නේ. ඒක මම පිළිගන්නවා. එත් මේ තිබෙන තත්වය අනුව අපිට යම් යම් ක්‍රියා මාර්ග ගන්න සිද්ද වෙනවා. ගෙවුම් ශේෂයේ වෙනසක් අපිට පෙනනකන් මෙම ආනයන සීමාවන් ක්‍රියාත්මක වෙනවා''
තව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, දැනට රටේ ඇති වාහන ප්‍රමාණය ඉදිරි මාස 6,7කට ප්‍රමාණවත් බවයි. ඔහු මෙම අදහස් පළ කළේ, මහා බැංකුව විසින් සංවිධානය කරන ලද 2022 අයවැය පිළිබඳ සකච්ඡාවකදී ය.