දුම්රිය ධාවනය වේයන්ගොඩ දක්වා සීමා වෙයි..

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩ දක්වා සීමා වෙයි..

by Staff writer 14-11-2021 | 1:21 PM

COLOMBO (NEWS1ST): ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩ දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ , පැවති වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයේ විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයට හානි සිදුව ඇති බවයි. දුම්රිය මාර්ගයට යළි යථා තත්ත්වයට පත් කරන බවත් , ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය. මේ අතර දුම්රිය මාර්ග සේදීයාම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවතටත් තවදුරටත් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.