COLOMBO (NEWS1ST): හෙට (15) දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ, පල්ලෙවෙල සහ මීරිගම අතර විජයරජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අධික ලෙස හානිවීම හේතුවෙනි.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, මගීන්ගේ පහසුව සඳහා අදාළ මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය 3 ක් සහ මාර්ගය අවහිර වී ඇති ස්ථානයේ සිට කොළඹ, කොටුව දක්වා එම දුම්රියන්ට සම්බන්ධිත දුම්රිය 3 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මීට අමතරව වේයන්ගොඩ සිට දුම්රිය 4 ක් ගම්පහ සිට දුම්රියක් සහ රාගම සිට දුම්රිය 2 ක් වශයෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ, කොටුව දක්වා දුම්රිය ගමන්වාර 10 ක් ධාවනය සඳහා සැලසුම් කර තිබේ.
එලෙස සැලසුම් කර ඇති දුම්රිය ගමන්වාර පහත පරිදි වේ.
