පළාත් කිහිපයකට අද (14) විටින් විට වැසි

පළාත් කිහිපයකට අද (14) විටින් විට වැසි

by Staff Writer . 14-11-2021 | 9:30 AM

COLOMBO (NEWS1ST):  සබරගමුව, වයඹ , මධ්‍යම , උතුර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. මේ අතර දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය හෙට දිනය වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැරරxකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය. නොවැම්බර් 18 දින පමණ වනවිට එය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතිනු ඇති.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.