ඉරානයේ ප්‍රබල භූ කම්පන දෙකක්...

ඉරානයේ ප්‍රබල භූ කම්පන දෙකක්..

by Staff Writer . 14-11-2021 | 9:16 PM

COLOMBO (NEWS1ST):  දකුණුදිග ඉරානයේ බණ්ඩාර් අබ්බාස් වරාය අසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ කම්පනවල ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.4 ක් 6.3 ලෙස සටහන්ව ඇති බවයි. භූ කම්පන සිදුවීමත් සමග කලබලයට පත් ජනතාව නිවාසවලින් පලා යන තත්ත්වයක් දක්නට ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ. හෝමොස්ගන් පළාතේ නගර කිහිපයකට ම භූ කම්පනය දැනී ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රදේශයට යවා ඇති බව ද ඉරාන බලධාරීන් විදෙස් මාධ්‍යට පවසා ඇත.