නවදිල්ලියේ වායු දූෂණය ඉහළ මට්ටමක

නවදිල්ලියේ වායු දූෂණය අවම කරන්න.. අගවිනිසුරු රජයෙන් ඉල්ලයි

by Staff Writer . 13-11-2021 | 10:32 PM

COLOMBO (NEWS1ST):  නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ඉන්දීය රජයෙන් එරට අගවිනිසුරුවරයා ඉල්ලීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවදිල්ලි නගරයේ වායු දූෂණය ඉතා දරුණු බව, ඉන්දීය අගවිනිසුර එන්.වී. රාමනර් මහතා පෙන්වා දී ඇති බවයි. වායු දූෂණයට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව, එරට ෆෙඩරල් පරිසර දූෂණ පාලන මණ්ඩලය, වගකිවයුතු අංශය වෙත පසුගිය දා නියෝග කර තිබේ. ඉන්දියාවේ නවදිල්ලි බොහෝ විටි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින නගරයකි. ගල්අඟුරු බලාගාර මෙන්ම රථවාහනවලින් නිකුත් වන ද්ම් වැනි කාරණා හේතුවෙන්, නවදිල්ලි නගරයේ දැඩි වායු දූෂණයක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. වායු තත්ත්ව දර්ශකයට අනුවත් නවදිල්ලි නගරයේ වායු දූෂණය පවතින්නේ ඉතා ඉහළ මට්ටමකයි. වායු දූෂණය හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානි සිදුවන බව විශේෂඥයෝ පෙන්වා දෙති.