COLOMBO (NEWS1ST): තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවදුරටත්, මහජන මුදල් වැය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
''යම් කිසි ආකාරයක් රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නෙ, ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කර ගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබා ගැනීම. මොනම ආකාරයකින් වත් තවත් වර්ෂයක් යන කල් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ''
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ ඉදිරිපත් කෙරුණු 2022 අයවැය සම්බන්ධයෙන් අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.
තව ද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, සියලු දෙනා එය අවංකව පිළිගත යුතුව ඇති බවයි.
''තවදුරටත් අපි ලොසින්ජර් දෙන්න අවශ්‍ය නැහැ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්''