ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ජීවන ගමනෙන් සමුගනී..

by Staff writer 12-11-2021 | 6:59 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි විජේසේකර මහතා මියයන විට වයස අවුරුදු 73කි. 1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා රංගන ශිල්පියෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයෙකි . රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ගංඟා සහ නිශ්ශංක , ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය. සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායද කර තිබේ. ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය හෙට(13) උදෑසන සිට මහජන ගෞරවය සඳහා ගල්කිස්ස, කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.