
නවසීලන්තය T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
නවසීලන්තය T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – නවසීලන්ත කණ්ඩායම 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය .
ඒ, පසුගියවර අනු ශූරයින් වූ එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගය කඩුලු 05කින් ජය ගනිමිනි .
අබුඩාබි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 166 ක් රැස් කළේය.
ඩාවිඩ් මලාන් ලකුණු 41 ක් රැස් කළ අතර මොයින් අලී නොදැවී ලකුණු 51 යි.
නවසීලන්තය තරගය අවසන් වීමට එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු 05ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කළේය.
ඩෙවෝන් කෝන්වේ ලකුණු 46ක් රැස් කළ අතර ඩැරල් මිචෙල් පන්දු 47කින් නොදැවී ලකුණු 72 රැස් කළේය .
වේගවත් පිතිහරඹයක නිරත වූ ජේම්ස් නීශම් පන්දු 11කින්, 6 පහර 3ක් සහ 4 පහරක්ද සමගින් ලකුණු 27ක් ලබා ගත්තේය.
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී..
- විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..
- ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් අභාවප්‍රාප්ත වෙයි..