by Sagarika Chathumali 10-11-2021 | 3:43 PM
COLOMBO (NEWS1ST): අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හානි වූ පවුල්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද (10) උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා එලෙස ශෝකය පළ කර ඇති බවයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.
අධික වැසි නිසා ඇති වූ ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එක්වන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආපදා තත්ත්වය සහ පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට අදාළව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවයි.