රථවාහන දඩ ගෙවීමේ සහන කාලය අවසන්

රථවාහන දඩ ගෙවීමේ සහන කාලය ලබන 14 වැනිදායින් අවසන්..

by Sagarika Chathumali 09-11-2021 | 7:46 PM

COLOMBO (NEWS1ST): කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් රථ වාහන දඩ මුදල් තැපැල් / උපතැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය ලබන 14 වනදායින් අවසන් බව තපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව පසුගිය 2021.10.31 දින සිට සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා 2021.11.14 දින දක්වා අතිරේක දඩ මුදල් රහිතව භාර ගනු ඇති. තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉන් පසුව දින 28 දක්වා අතිරේක දඩ මුදල් අයකර ගන්නා බවයි. . එමෙන්ම 2021.11. 01 දින සිට කරන කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් භාර ගැනීමත් , දින 28 ක් දක්වා රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අය කර භාර ගැනීමත් දින 28 ඉක්ම වූ රථවාහන දඩ පත්‍රිකා භාර නොගන්නා බවත් තැපැල් දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.