මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

by Sagarika Chathumali 09-11-2021 | 7:05 PM

COLOMBO (NEWS1ST):  මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මතුවතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට අද (9) රාත්‍රී සහ හෙට (10) දින ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මල්වතු ඔය පහළ ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට ඔයේ  පහළ ප්‍රදේශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතින බවයි. කාලගුණ අනාවැකිවලට අනුව මල්වතු ඔය පහළ ධාරා ප්‍රදේශවලට අද (09) රාත්‍රියේ ද අධික වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.