කඩුගන්නාවේ ගල විදපු තැන නාය යාමක්..

කඩුගන්නාවේ ගල විදපු තැන නාය යාමක්: වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ..

by Chathuranga Rajapaksha 09-11-2021 | 6:16 PM

COLOMBO (News 1st): කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති නායයාම නිසා මේ වනවිට රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.

ඒ හේතුවෙන්, කඩුගන්නාවේ ගල විදපු ස්ථානයේ පැරණි ගල් බිංගය ද සැහැල්ලු වාහන ධාවනය සඳහා මේ වනවිට විවෘත කර තිබේ. ඒ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණිනි. මෙම නායයාම ඊයේ(08) රාත්‍රියේ සිදුවිය. එම නායයාම සිදුව තිබෙන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගල විදපු ස්ථානයේ පැරණි ගල් බිංගය මගහැර යාමට ඉදිකර ඇති මාර්ග කොටසේය. බස් රථ සහ ලොරි ඇතුළු සියලු බර වාහන නාය ගිය ස්ථානයේ රථවාහන ධාවනය වන මංතීරුවෙන් ගමන් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ. https://youtu.be/QURX3RoZ1ig